Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Post එකක codes ලිවීමේදී Syntax Highlight කරන ආකාරය
  10-27-2018, 01:15 PM (This post was last modified: 12-20-2019, 03:05 PM by Area Master.)
#1
මේ පෝස්ට් එකේ අරමුණ Widane Forums එකේ පොස්ට් ලියද්දි ඕනෙම programming language එකකට අදාල codes highlight කරන ක්‍රමය විස්තර කිරීම.

Widane Forums එක හදලා තියෙන්නේ myBB වලින්. myBB වල post එකක codes ලියනවා නම් PHP, HTML භාෂා දෙක විතරයි highlight වෙන්නේ. ඒත් Java, C, C++, Batch, python වගේ භාෂා වලට ඒ පහසුකම ගැලපෙන්නේ නෑ. ඒ නිසා synkoda වලට වෙනම syntax highlighter එකක් පාවිච්චි කරන්න වුණා. මේ post එකෙන් කතා කරන්නේ post එකකට codes එකතු කරගන්න හැටි ගැන.

post එකකට code එකක් එකතු කරන්න ඕනෙ වුනාම මේ විදිහට කරන්න පුළුවන්.

Code:
{code=lang} codes {/code}

මේතැන "lang" කියන්නේ highlight කරන්න අවශ්‍ය භාෂාව. මේකේ html වලට සමාන ක්‍රමයක් පාවිච්චි වෙන්නේ ( < > වෙනුවට පාවිච්චි වෙන්නේ { } )

"lang" වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වචන කිහිපයක් තියෙනවා. මේ වචන වල තේරුම පැහැදිලි කරන්න ඕනෙ තැන් වලදි විතරක් මම පැහැදිලි කරන්නම්
  • markup -  HTML වගේ භාෂා වලට පොදුවෙ මේක පාවිච්චි කරන්න පුළුවන්
  • css
  • clike - C පවුලෙ භාෂා වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. (c, c++, c#, java)
  • javascript
  • asciidoc
  • aspnet
  • bash
  • basic
  • batch
  • c
  • csharp
  • cpp
  • coffeescript
  • ruby
  • css-extras
  • dart
  • fortran
  • http
  • ini
  • java
  • json
  • latex
  • less
  • makefile
  • markdown
  • matlab
  • nasm
  • nginx
  • objectivec
  • pascal
  • perl
  • php
  • python
  • sass
  • scss
  • sql
  • tcl
  • textile
  • vim
  • yaml

උදාහරණයක් විදිහට Java code එකක් highlight කරන්න ඕනෙ නම් මේ විදිහට ලියන්න පුළුවන්,

Code:
{code=java}
class Hello {
   public static void main(String[] args) {
       int x = 10;
       System.main.println("Hello Java");
   }
}
{/code}

මේක post එකේ පෙන්වන්නේ මේ විදිහට,

class Hello {
   public static void main(String[] args) {
       int x = 10;
       System.main.println("Hello Java");
   }
}



Users browsing this thread: 1 Guest(s)