Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Tut] අපෝ Android හරි පරණයිනෙ තාත්ති. මට ඕන fuchsia එකක්
  11-23-2018, 01:37 PM (This post was last modified: 11-24-2018, 11:04 AM by Area Master.)
#1
Fuchsia operating system එක ගැන හැමෝම දන්නවනෙ. විහිලුවක් කරේ. Big Grin
ඒත් ඇන්ඩ්‍රොයිඩ් ගැන හැමෝම දන්නවනෙ. ඉතින් මේ ඇන්ඩ්‍රොයිඩ් replace උනොත් මොකද? 

# ANDROID 
[Image: Android_robot_2014.svg]
Linux කර්නල් පාදක කරගෙන, java, c++, c language  වලින් ලියවුනු ගූගල් සමාගම විසින් ඩිවලොප් කරන open-source මෙහෙයුම් පද්ධතියක්. අවුරුදු දහයකට දොලහකට විතර කලින් රිලීස් උනු.

# Fuchsia
[Image: 800px-Google_fuchsia3.svg.png]
මේක ගූගල් රිලීස් කරපු තුන් වෙනි ඕස් එක. තව තියනව ඇති ඒත් ප්‍රධානව ගත්තොත් ඇන්ඩ්‍රොයිඩ්, ක්‍රෝම් ඕස් සහ fuchsia. ලොකු ඉතිහාසයක් නැ මේ ඕස් එකට. අවුරුදු දෙකකට විතර කලින් github එකට කිසිම ඔෆීශියල් අනවුස්මන්ට් එකක් නැතුව ගූගල් කම්පැනිය අතෑරපු ඕස් එකක්. ඉතින් මේක හදිස්සියෙ මතක් වෙලා ලියන්න ගත්තෙ උදේ දැක්ක නිවුස් එකක් නිසා. පත්තරේ බලල රටේ වෙන ඒව දැන ගත්ත හිටං වගේ. හපොයි.. ?

මේ ගැන කතා කරන්න නම් මේ ඕස් එකේ වටිනාකම ගැන ටිකක් තේරුම්ගන්න ඕන. වැදගත් වෙයි කියල හිතන කරුනු ටිකක් කියනවනම් මේක බේස් උන කර්නල් එක ඇන්ඩ්‍රොයිඩ් රන් වෙන කර්නල් එකම නෙමෙයි. Zircon. මේක micro-kernel එකක්. monolithic සහ microkernel ගැන කතා කරොත් මේක දික් වෙනවනෙ. ඒ නිසා ඒව පස්සෙ. මේ fuchsia ඕස් එක ලියවිලා තියෙන්නෙ භාශා ගොඩක මික්ස් එකක් විදියට. ඇන්ඩ්‍රොයිඩ් ගැන කිව්වොත් එහෙම නැ. Ui එක ලියල තියෙන්නෙ ජාව. Core එක c වලින් වගේ. ඒත් Fuchsia os එක ලියපු භාශා බැලුවොත්  C, C++, Dart, Go, Python, Rust, සහ Swift.
ටිකක් හොඳට බලපන් ඒ ලැන්ග්වේජ් දිහා.

# dart
[Image: Dart_programming_language_logo.svg]
ඩාර්ට් කියන්නෙ ගූගල් ඩිවලොප් කරපු ලැන්ග්වේජ් එකක්.

# Go
[Image: Go_Logo_Aqua.svg]
ගූගල් ඩිසයින් කරපු ලැන්ග්වේජ් එකක්

# swift
[Image: 800px-Swift_logo_with_text.svg.png]
ඇපල් ඩිවලොප් කරපු ලැන්ග්වේජ් එකක්.


ලොකු ප්ලෑන් එකක් තියෙන්න පුලුවන් ඉස්සරහට.
 කව්ද දන්නෙ... හරි අපිට මේ ඕස් එක වැදගත් වෙන්නෙ ස්මාර්ට් ෆෝන් නිසාම නෙමෙයි. එහෙම නැත්තනම් ක්‍රෝම් ඕස් දුවන ඩිවයිස් නිසාම නෙමෙයි. මේක මයික්‍රො කර්නල් බේස් කරන් දුවන ඕස් එකක්. ඉතින් ඉස්සරහට ඉන්ටනෙට් ඔෆ් තින්ග්ස් ගැන කතා කරද්දි අපිට වටිනම ඕස් එකක් මේක. උබලට මතකද දන්නෙ නැ අවුරුද්දකට විතර කලින් ලොකු රැල්ලක් ආව මේ iot (internet of things) ගැන.
 
[Image: iot-and-pm.png]

ඇන්ඩ්‍රොයිඩ් කාර්, ඇන්ඩ්‍රොයිඩ් වොශින්මැශිම්, ඇන්ඩ්‍රොයිඩ් ටැප්, ඇන්ඩ්‍රොයිඩ් ෆ්‍රිජ්, ඇන්ඩ්‍රොයිඩ් ටූත්බ්‍රශ් මුලු ගේම ඇන්ඩ්‍රොයිඩ්. ඒත් මේ ඇන්ඩ්‍රොයිඩ් රන් වෙන්න සාපේක්ෂව ගත්තොත් fuchsia os එකට ඕන වෙන්නෙ අඩු රිසෝසස් ප්‍රමාණයක්. ඉතින් ස්මාර්ට් ෆෝන් ඕස් එක එහෙම නැත්තන් ඇන්ඩ්‍රොයිඩ් රිප්ලේස් වෙන්න කලින් මේ iot කන්සෙප්ට් එකට අදාල උපකරණ fuchsia වලින් බලගැන්වෙයි. ඊට පස්සෙ ටිකින් ටික ස්මාර්ට්ෆෝන්, ස්මාර්ට් ටීවි, ලැප්ටොප් වගේ දේවල් වලට පැතිරෙයි. මොකද ගූගල් කැමති වෙන එකක් නැ එකපාර බීටා ප්‍රෝග්‍රෑම් එකක් විදියට ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් එකකට අප්ඩේට් එකක් එවන්න. කොහොමත් තව අවුරුදු හත අටක් යනකන් මේ ඕස් එක ගූගල් කම්පැනියෙන් එලියට එන්නෙ නැති වෙයි. තාම අවුරුදු දෙකනෙ රිලීස් වෙලත්.

[Image: android-authority-google-fuchsia-24-768x576.jpg]

ඔන්න ඔහොම තමා බන් මන් ඊයෙ පෙරේද වෙනකන් හිතන් හිටියෙ. ඒත් අද උදේ මේ නිවුස් එක දැක්කම මං හිතුව වැරදි වගේ කියල දැනුන. උබලත් කලින් ඉදන්ම හිතුවනම් ගූගල් ප්‍රයිමරි ඕස් එක විදියට
 fuchsia os එක මාකට් කරයි කියල. සමහරවිට ලඟදිම එහෙමවෙයි.

[Image: IMG-20181123-184620.jpg]
ඉතින් අලුත් ඕස් එකක්. දැන්ම නොවුනත් දවසක ඇන්ඩ්‍රොයිඩ් වෙනුවට fuchsia යූස් කරන දවසකුත් එයි. ක්‍රෝම් ඕස් එකත් රීප්ලේස් වෙයි.

ජයවේවා! 
Damn.. There's a little bit of devil in her angel eyelove love

  11-23-2018, 02:15 PM
#2
Niyamai mcn Keep it up Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  11-24-2018, 08:39 AM
#3
TFS Bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
  02-08-2019, 02:41 PM
#4
tfs bn
[Image: source.gif]
  02-08-2019, 03:32 PM
#5
TFS bro

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  02-09-2019, 09:15 AM
#6
ගේමින් වලට ගොඩක් smooth වෙයි නේද එතකොට ??



Users browsing this thread: 1 Guest(s)