Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Tut] Mod Chrome in Android | flags
  01-19-2019, 07:12 PM (This post was last modified: 01-19-2019, 07:27 PM by Mmx.)
#1
යෙප් ලොකු දෙයක් නෙමෙයි පොඩි කික් එකට වැඩක් කරන්න යන්නෙ. සහ මේක ඇන්ඩ්‍රොයිඩ් ගැන. පෞද්ගලිකව ගත්තොත් දවසෙ වැඩි හරියක් මන් යූස් කරන්නෙ මොබයිල් එක. ෆේස්බුක්, යූටියුබ්, නිවුස්, ෆිල්ම් මේ හැමදේම ඔන්ලයින්නෙ. ඉතින් ඔන්ලයින් යන්න නම් බ්‍රවිසර් එකක් ඕන. (ඇප් දැම්මම කරදරයි බන් නොටිෆිකේශන් එනවනෙ Big Grin ) ඉතින් ඇන්ඩ්‍රොයිඩ් බ්‍රවිසර් කියන්නෙ ක්‍රෝම් එක. එ ඇයි කියල දන්නවනෙ? ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් රොම් වල pre-installed බ්‍රවිසර් එක ක්‍රෝම්. දැන් වගෙ ලොකු කැපැසිටි එකක් තිබ්බෙ නැ ඉස්සර ස්ටෝරේජ් එකට. මගෙ පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් එක ම්ම් 8GB(මතක නැ ඒ ෆෝන් එකෙ විස්තර නෙට් එකෙත් නැ.) විතර ස්ටෝරේජ් එක. ඒකෙන් 2-3GB වෙන්වෙනව firmware වලට. ඉතුරුව ඇප් වලට, ෆිල්ම් එකකට, සින්දු 100කට විතර, විඩියො 20කට විතර ඇති. හරි. ඒ වගෙ තත්වෙකදි තියන ක්‍රෝම් බ්‍රවිසර් එක අයින් කරන්නත් බැරුව වෙන බ්‍රවිසර් එකක් දාල ඒ ස්ටෝරේජ් එක වෙන් කරන්න තරම් තත්වයක් තිබ්බෙ නැ. එකම විසඳුම තමා තියන දෙයින් සැහිමට පත් වෙන එක. ඔන්න ඔහොමයි මගෙ පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් බ්‍රවිසර් එක්ස්පීරියන්ස් එක. 

දැන් ඒ කාලෙ ඉවරයි. බ්‍රවිසර් එකක් දාගෙන චෙක් කරන්න තරම් ස්ටෝරේජ් පහසුකම් දැන් හැමෝටම තියනව. කිසිම අවුලක් නැ. ඒත් වැඩේ කියන්නෙ දැන් මට ඕන නැ අලුත් බ්‍රවිසර් එකකට මාරු වෙන්න. මම පුරුදු වෙලා ඒකට. උබල අර කතාව අහල ඇතිනෙ. අලිය පොඩි පැටිය කාලෙ දම්වැල් දාල බැඳල තියෙනව. ඌ ලොකු අලියෙක් වෙලා දම්වැල කඩන් යන්න පුලුවන් උනත් ඌට තේරෙන්නෙ නැ ඒ දම්වැල කඩන් යන්න පුලුවන් කියල. හහ්.. Dodgy

ඉතින් ඒක නිසා තාමත් මොබයිල් එකෙ තියෙන්නෙ ක්‍රොම්. (තව තියනව page source view කියල එකක්. ඒක වැඩක් නැ.) අලුත් දේවල් ට්‍රයි කරනව උනත් තාමත් ෆේව් බ්‍රවිසර් එක ක්‍රොම්. ඒකට හේතුව බලමු. පලවෙනි එක අප්ඩේට්ස්. ක්‍රෝම් ලෝකෙ වැඩි දෙනෙක් යූස් කරන බ්‍රවිසර් එකක්. හැකින්ග් ඇටෙම්ප්ට් සෑහෙන්න තියෙන්න ඕනනෙ එහෙම උනාම. ඒ දේවල් වලට ඔරොත්තු දෙන විදියට එන අප්ඩේට්. දෙවෙනි හේතුව තියන ෆීචර්ස්. ඔව් ඇඩ්බ්ලොක් නැ ප්ලගින් නැ. ඒත් autofill, anti-idn Homograph attack වගෙ ෆීචර්ස් තියනව. 

(Idn Homograph attack කියන්නෙ සරලව මේ වගෙ දෙයක්. ԝiԁаne.com  කියන එක widane.com විදියට පෙන්නන එක.)
[Image: IMG-20190119-230755.jpg]

ලොකු වටයක් ගියානෙ මෙතනට එන්න. හරි අද කතා කරන්නෙ ක්‍රෝම් වල hidden සෙටින්ග්ස් ටිකක් එනේබල් කරල ක්‍රෝම් එක ස්පීඩ් කරල ගන්න. ස්පීඩ් විතරක් නෙමෙ.  අපි බලමු ප්‍රයිවසි වැඩි කර ගන්නත් තව ටිකක් පෙනුම වෙනස් කර ගන්නත් බ්‍රවිසර් එකෙ.

# How to access flags
ක්‍රොම් ෆ්ලැග්ස් කියන්නෙ තාමත් හැමෝටම යූස් කරන්න තරම් සුදුසු  නැති ෆීචරස් එකතු කරල තියන පේජ් එකක් කියල හිතමුකො. එහෙම ලේසි. ඒත් උබ මේක කියවනවනෙ. ඒකෙන් තේරෙනව ෆ්ලැග් යූස් කරන්න තරම් හැකියාවක් තියනව කියන එක. හරි මුලින්ම අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන ටයිප් කරන්න chrome://flags කියල. (ටයිප් කරන්න ඕන නැ ලින්ක් එක ක්ලික් කරානම් ඇති ?)

[Image: IMG-20190119-225336.jpg]
හරි දැන් මේ වගෙ මෙනු ලිස්ට් එකක් එයි. ලොකුවට රතු පාටින් WARNING කියල තියන. මේ EXPERIMENTAL FEATURES වැරදියට යූස් කරොත් ගොඩක් වෙලාවට ක්‍රෝම් බ්‍රවිසර් එක ක්‍රෑශ් වෙයි. නැත්නම් සිරා බැක්ඩෝර් එකක් කරගන්න පුලුවන් මොබයිල් එක. ඒ නිසා හරියට දන්නෙ නැතුව මේ ඔප්ශන් එනේබල් ඩිසේබල් කරන්න යන්න එපා.

# Speed Improvements
- වැඩි ඉමේජ් ගානක් තියන සයිට් එකක් ලෝඩ් වෙන්න යන වෙලාව අඩු කර ගන්න පුලුවන් මෙකෙන්. Default සිලෙක්ට් කරල හතර තෝරන්න.
chrome://flags/#num-raster-threads


- උඩින්ම තියන ටැබ් විතරක් රීලෝඩ් වෙලා පොඩි ටයිම් එකක් ඉතුරු කරනව මෙකෙන්. ක්‍රෝම් එක ඕපන් වෙද්දි ටැබ් 30ක් විතර තිබුනොත් උඩින්ම තියන ටැබ් එක විතරක් රීලෝඩ් උනාම ඇතිනෙ. ඩේටත් ඉතුරු වෙනව.
chrome://flags/#enable-offline-auto-reload-visible-only


- වැඩි විස්තර ඕන නැනෙ. ස්පීඩ් තමා. ලින්ක් එක ක්ලික් කරල බලන්න විස්තර තියනව.
chrome://flags/#enable-tcp-fast-open


- quic ප්‍රොටොකොල් එක ගැන දන්නවනෙ.( නිකන් කිව්වෙ. quic ක්‍රොම් එකෙ beta feature එකක් විදියට සැහෙන කල් ඉදන් තියෙන්නෙ.) ඇයි තාමත් මේක ස්ටේබල් එන්නෙ නැත්තෙ කියල හිතා ගන්න බැ. කොහොමහරි එනේබල් කරල බලන්න ස්පීඩ් එකෙ වෙනසක් තේරෙයි.
chrome://flags/#enable-quic


- ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න පොඩි ට්‍රික් එකක්.
chrome://flags/#enable-parallel-downloading


# Rock it baby
- ලස්සන කරල ගමුනෙ ටිකක්? හරි. ගොඩක් ඔප්ශන් තියනව මන් ඔක්කොම හඳුන්වන්නෙ නැ. ලින්ක් ටික තියනව. කියවල එනේබල් කරන්න. එකින් එක හඳුන්වල තේරුමක් නැ.


chrome://flags/#enable-md-incognito-ntp
chrome://flags/#enable-previews-android-omnibox-ui
chrome://flags/#enable-content-suggestio...nant-color
chrome://flags/#offlining-recent-pages
chrome://flags/#download-home-v2
chrome://flags/#upcoming-ui-features
chrome://flags/#android-site-settings-ui
chrome://flags/#smooth-scrolling
chrome://flags/#enable-scroll-anchor-serialization
chrome://flags/#enable-custom-context-menu
chrome://flags/#enable-framebusting-need...sergesture
chrome://flags/#enable-downloads-location-change
chrome://flags/#enable-chrome-modern-full-roll
chrome://flags/#new-net-error-page-ui
chrome://flags/#enable-autofill-refresh-style
chrome://flags/#enable-javascript-harmony
chrome://flags/#force-enable-home-page-button

[Image: mmx-home-button.jpg]
__________
[Image: mmx-Where-to-download.jpg]
___________
[Image: mmx-popup-menu.jpg]
____________
[Image: mmx-new-dyno-page.jpg]
__________
මේ තියෙන්නෙ සෙටින්ග්ස් එනේබල් කරාට පස්සෙ පෙනුම.
ස්ක්‍රීන්ශොට් එකකට ගන්න බැරි දෙවල් තියනව. Ignito mode එක ස්ක්‍රීන්ශොට් ගන්න බැනෙ.  Big Grin  කස්ටිය ඉතින් කරල බලන්න. මොනහරි වැරදුනොත් රිසෙට් බටන් එක උඩම තියනව. අලුතෙන් මොනහරි අරගෙන නැවත හමුවෙනකන්..
[Image: IMG-20190119-225357.jpg]
කට්ටියටම..
හැපි බ්‍රවිසින්ග්  Big Grin Heart
-Mmx
Damn.. There's a little bit of devil in her angel eyelove love

  01-19-2019, 07:15 PM
#2
එලම මචං. TFS. keep it up

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  01-19-2019, 07:36 PM
#3
(01-19-2019, 07:15 PM)Elite_x Wrote: එලම මචං. TFS. keep it up

Heart
Damn.. There's a little bit of devil in her angel eyelove love

  01-20-2019, 04:22 AM
#4
Elama mcn. Thawa deyak thamai, YT app eken screen off karama video eka natharawenawane. Chrome eken video eka play karoth screen lock karalath play karanna puluwan, sindu playlist ekk ahaddi ehema watinawa

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  01-20-2019, 04:55 AM
#5
TFS mcn Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  01-20-2019, 08:33 AM
#6
ela bro. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
  01-20-2019, 12:22 PM (This post was last modified: 01-20-2019, 12:23 PM by Mmx.)
#7
(01-20-2019, 04:22 AM)Anøn LK Wrote: Elama mcn. Thawa deyak thamai, YT app eken screen off karama video eka natharawenawane. Chrome eken video eka play karoth screen lock karalath play karanna puluwan, sindu playlist ekk ahaddi ehema watinawa


Mmm ekath aththane..  Tongue

(01-20-2019, 04:55 AM)Area Master Wrote: TFS mcn Wink

Aniwa

(01-20-2019, 08:33 AM)Induwara Uthsara Wrote: ela bro. Smile

Tongue
Damn.. There's a little bit of devil in her angel eyelove love

  01-24-2019, 01:54 AM
#8
මාත් chrome  තාමත්  Heart
  02-08-2019, 02:21 PM
#9
elama bn tfs
[Image: source.gif]



Users browsing this thread: 1 Guest(s)