Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
? Everything About You Need To Know Galaxy S10 And S10+ ?
  02-26-2019, 06:12 AM
#1
? Everything About You Need To Know Galaxy S10 And S10+ ?

? කලින් Galaxy S10e එක ගැන Post එක දාලා පොරොන්දු උනා වගේම ඔන්න අද Galaxy S10 And S10+ ගැන දැන ගතයුතුම කරුනු කෙටියෙන්. ඊයේ Unpack Event එක ගොඩ දෙනෙක් බලන්න ඇති නේ මම නම් පෞද්ගලිකව දැකපු සුපිරිම Unpack Event වලින් එකක්. මොකද කිව්වොත් Technology අතින් දැනුමක් ලබන එකට අමතරව කම්මැලි කමක් නැතුව් හිනා වෙවි බලන්න අවස්ථාව ලබා දීල තිබුනා. ඉතින් වැඩි කතා නැතුව කෙලින්ම මාතෘකාවට බහින්නම්. 

? මම මේ Post එකෙන් Category කිහිපයක්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයලාගෙ අදහස් තියෙනවා නම් අනිවාරෙන් එකතු කරන්න අනිත් අයටත් දැන ගන්න. මුලින්ම Phone එකේ Desing එක Main Info ටික දීලා ඉන්නම්. Galaxy S10e 6GB 128GB / 8GB 256GB --- Galaxy S10 8GB 128GB / 8GB 512GB --- Galaxy S10+ 8GB 128GB ( Ceramic Back 12GB Ram 1TB ) ඔය විදිහට තමා Based Models හදුන්වා දීලා තියෙන්නෙ මේ සෑම Device එකක් එක්කම Snapdragon 855 / Exynos 9820 SOC එකකින් බල ගැන්වෙනවා. ( Country වලින් Country වලට වෙනස් වෙනවා Chip Set එක ) SD 855 / Exynos 9820 Chipset ගැන අමුතුවෙන් කතා කරන්න යන්නැ මොකද ගොඩ දෙනෙක් ඒ ගැන දන්න නිසා. ඉතින් මේ Device හැම එකකට වගේම Expandable Memory Support කරනවා 1TB Version එක 1.5TB දක්වා Expand කරන්න පුලුවන් ( මගෙ PC එකෙත් ඒ ගාන තියෙන්නෙ දැන් Phone වලටත් 1.5TB ) Look එකටආස අයට ඔන්න මේ පාර Colors කිහිපයකින්ම S10 Series එක දීලා තියෙනව Clr කිහිපයක් Mix උන ( Gradiant කිව්වට Gradiant මත් නෙමෙ වගෙ ) Prism Black. Blue. Pink. White. Green. විදිහටත් එතනින් එහාට ගිය Ceramic Edition එකෙන් Black. Full White විදිහටත් Clrs කිහිපයකටම හදුන්වා දීලා තියෙනව ඒ වගේම S10e එකට Limited උන Clr එක Canary Yellow නමින් හදුන්ව දීලා තිබෙනවා. 2019-2018 දි Flagship වල අපිට දුලබව දකින්න ලැබෙන 3.5mm Jack Pot එක මෙවරත් අපිට S10 Series එකෙන් දීලා තියෙනවා ඒ වගේම Huawei Mate 20 Series එකෙන් පටන් ගත්ත Reverse Charging Technology එක තවත් දියුනු කරමින් Fast Reverse Charging ( Power Share ) ලෙස Galaxy S10 වෙතින් හදුන්වා දීලා තියෙනවා මෙමගින් ඔබගේ I Phone එක වුවද Fast Charge කර ගත හැක. Galaxy Watch Galaxy Buds නිතර උවමනා වෙන Device පවා අපිට මේ Power හරහා ලේසියෙන්ම Charge කරගත හැක. 

?Display

මෙකේ Display එකගැන නම් කියන්න දෙවල් ගොඩක් තියෙනවා මොකද කිව්වොත් S10 Series එකේ තමා ලොකයේ පලමු Infinity O Amoled Display එක එන්නෙ මේක Samsung ලා World First Dynamic AMOLED කියලා හදුන්වනවා. 6.1" හා 6.4" QHD+ 19:9 aspect ratio එකකින් එන මේ Galaxy S10 And S10+ මගින් හොද Cenamatic Experience එකක් ලබා ගන්න පුලුවන් කම් තියෙනවා ඒ වගේම Colour Acurracy අතින් දැනට පවතින හොදම Display එක තියෙන Phone එක කියන්න පුලුවන්. HDR 10+ Technology එක මේ සමග එන නිසා Full HD 4K වගේ Videos වලට සුපිරිම Quality එකක් ගන්න පුලුවන්. Amazon Prime Videos වලට Support කරන මේ HDR 10+ හරහා අපිට වෙනත් Device එකකින් ගැනීමට නොහැකි මට්ටමේ HDR Video Qulity එකක් මේ හරහා ලබා ගන්න පුලුවන්කම තියෙනවා මේ Technology එකට Dynamic Tone Mapping එකතු කරලා තියෙන නිසා අවශ්‍ය වෙලවට Brightness අඩු වැඩි වී නියම HDR Experience එකක් ගන්න Help කරනවා. තවත් එන විශේෂ කාරානාවක් තමා කිසිම Blue Light Filter එකක් Apply නොකර මේ Display එක හරහා Automaticaly Blue Light Filter කරනවා Colour වලට කිසිම් හානියක් නොකර. 

? World First Ultrasonic Fingerprint Scaner -  

Finger Print Scaners දැන් එන Phone වල තිබුනත් මං කලින් කිව්ව Post වල වගේම මේ Scaner එක අනිත් ඒවට වඩා විශේෂ වූ Security අතින් ඉහලින් තිබෙන් FPS එකක්. මොකද කිව්වොත් මෙය Use වෙන්නෙ Machine Lerning Algorithm System එකක් හරහා අපිට Security Patches මසෙන් මාසෙට එනව වගේ මේ Finger Print System එකත් Updates වලින් මාසෙන් මාසෙට වගේ Update වෙනවා. Optical Scaners වලට එහා ගිය ඉතාමත් තඩ හිරු එලියේද් වතුර සහිත අවස්තා වලදිද මේ FPS එක හොදින් Use කරන්න් පුලුවන් Fake FP වලින් කිසිසේත්ම Unlock කරන්න බැරි මට්ටමට මෙහි එන 3D Maping 2D Maping Algorithm දියුනුයි. 

? Camera

මේ ගැන නම් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මුලින්ම කියන්න ඕනේ මෙ පාර S10 Series එකේ Device දෙකකටම එන්නෙ Triple Rear Camera System එකක් ඉතින් Samsung ලා විසින් මේකට Pro Grade Camera කියලා හදුන්වා දීලා තියෙනවා. 

12MP Wide Dual Pixel Camera F 2.4 / F 1.5 
මේ Lens එක හරහා අපිට 77 Digrees Wide Photos ගැනීමට හැකියව තියෙනවා Day And Night Mode වලදි Apature Auto Change වීමක් වෙනවා.

12MP Tele Photo Camera 
2x Optical Zoom පහසුකම මේ හරහා ලබා ගත හැක.

16MP Ultra Wide Camera 
මේ Lens එක හරහා 123 Digree Photo ගැනීමට හැකියවා ලැබෙනවා ඉතින් Keynote එකේදි Spain වල ගත්ත සුපිරිම Wide Photo එකක් පෙන්නනවා ඒ Pic එක අරන් තියෙන්නෙ S10+ එකකින්. තවත් එන විශේෂ දෙයක් තමා මෙහි එන Panaroma Mode එක සාමාන්‍ය Phone එකකින් ගන්නවාට වඩා පුලුල් වූ Photo Width And Hight එකකින් ලබා ගැනීමට හැකියව ඇත. Landscape Photography වලට ආස අයට නියම Option එකක් මේක. Live Focus ගැනත් කතා නොකරම බැ මොකද මේ පාර Live Focus වලට අලුතෙන්ම එකතු වෙන Live Photo Lighting Mode එකෙන් අපිට Photo එකේ Lighting Capture කරන්න කලින්ම වෙනස් කරගන්න පුලුවන් Lighting ගැන දැනුමක් තියෙන අයට මෙකෙන් හොද වැඩක් ගන්න පුලුවන්. Blur Shapes Update වෙලා තියෙනවා Live Capture කරද්දි ම මේවා Apply කරන්න පුලුවන් විදිහට. මෙතනදි Mega Pixel වලින් තවත් Camera මනින්න එපා කියලත් කියනවා. 

? AI Camera Sence Optimizer - 

AI Camera ගැන ගොඩ දෙනෙක් දන්නව ඉතින් මේ S10 එකටත් Ai Based උන Mode එකක් තියෙනවා Note 9 S9 වල ආවට වඩා දියුනු කරපු Sence Optimizer Mode එක මේ හරහා අපිට 30 Different Scenes හදුනා ගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ( Camera ව ඉදිරියේ තියෙන Objects Camera ව විසින් ම හදුනා ගැනීමේ හැකියාව AI තාක්ෂණය මගින් ) ( Ex- මල් වතුර කදු ඉරඑලිය මිනිසුන් ) තව Bright Night Mode එක AI Based උන Mode එකක් විදිහට් මේකට ඇතුලත් වෙලා තියෙනවා ඒ ගැන Compares වලින් තමා බලන්න වෙන්නෙ. 

? Machine Lerning තාක්ෂණය හරහා මිලියන සීයකට අදික Photo ප්‍රමානයක් ඇහුලත් කර අපි ගන්නා පින්හොතූර හොදම තත්වයකින් අප හට ලබා දීමට උත්සහ කරනවා.

? World First HDR 10+ Video Recoding

HDR ගැන උඅන්දුවක් තියෙන අයට මේක නම් ගොඩක් Usefull වෙයි මොකද ලොකයේ පලමු HDR 10+ තාක්ෂණය ඇතුලත් කර තිබෙනවා HDR වලින් කරන්න පුලුවන් දේවල් මම මෙතන පැහැදිලි කරන්න යන්නැ. Event එකේදි S9+ Video Recoding එකක් එක්ක මේක Compare කරලා පෙන්නනවා HDR 10+ Recoding එකක් එක්ක.

? Adobe Premiere Rush Optimized For Galaxy S10

මේක නම් සුපිරිම වැඩක් මොකද Youtube Chanell Video Editing කරන අයට Phone එකෙන් Video Recode කරලා තවත් PC එකට දාන්න උවමනාවක් නැ මොකද දැන් Galaxy S10 Series එකට Adobe Premiere Optimize කරලා තියෙන නිසා Phone එකෙන්ම Video Editings කරගෙන Share කරන්න පුලුවන් හැකියාව ලබා දීලා තියෙනවා. Samsung Dex මාර්ගයෙන් Monitor එකකට උනත් Connect කරගෙන Premiere Use කරන්න පුලුවන්. 

? Front Camera - 10MP Wide Dual Pixel Lens / 8MP RGB Depth Lens

Front Cam එකෙනුත් කලින් කියපු දෙවල් ගොඩක් කරන්න පුලුවන් Live Focus Selfies. Wide Selfie. Group Potrait ඒ වගේම 4K Full HD Videos අපිට ගැනීමේ හැකියාව Front Cam එක හරහ දීලා තියෙනවා. 4K Full HD Video Front Cam එකක තියෙන පලවෙනි Phone එක මං දන්න තරමින් මේක Vlogs කරන අයට නම් නියමයි.

? Intstagram Mode

Samsung + Instagram එකතු වෙලා කරන තවත් සුපිරි Camera Mode එකක් තමා මේ Insta Mode කියන්නෙ මේ හරහා අපිට Insta Stories Photo Editings Direct Share ඕක්කොම Insta App එකට නොයා මේ Camera Mode එක මගින්ම කරගැනිමට හැක. තව මෙතන නොකිව්ව Crative Tools ගොඩක් මේ Mode එකට ඇතුලත් වෙලා තියෙනවා. 

? New Adaptive Gaming Mode ( Unity ) 

ඔන්න Gaming වලට උනන්දුවක් තියෙන අයට හා Games Developers ලට සුපිරිම අද්දැකීමක් ගන්න Samsung ලා විසින් අලුත් Gaming Mode එකක් හදුන්වා දෙනවා ඉතින් මේ ගැන තමත් 100% හරියටම විස්තර දැන ගන්න ලැබුනේ නැ ඒ නිසා මං ඒ ගැන විස්තර කරන්න යන්නැ වැඩිය. Keynote එකේ කියන විදිහට දැනට තියෙන Games වලට 100% ම Optimize කරපු පලවෙනි Phone එක S10 එක වෙන බවයි. 

? 4100 mAh Inteligence Battery 

Note 9 එකට වඩා පොඩි ප්‍රමානයකින් වැඩි උනත් අලුතෙන් Add කරලා තිබෙන Inteligance Mode එක හරහා අපි වැඩි පුර Use කරන App හදුනාගෙන අවශ්‍ය නැති App Auto Ditect කරන් Power Manage කරලා දෙනවා Device එක විසින්ම මෙතනදි පොඩි කෙටි හැදින්වීමක් කරේ මේ ගැන. මොකද මේ ගැන හරියටම කියන්න තමා බැ User Experience එනකන්. 

? 1TB UFS 3.0 Universal Flash Storage

 UFS 3.0 ඔන්න Galaxy S10 1TB Device එකට එනවා 512GB එකටත් එනවද කියලා නම් හරියටම කියන්න බැ. අපිට මෙමගින් අදිවේගී Data Transver Speed එකක් ලබා ගැනීමට හැකිවෙන අතර Read Write Speed එකද Improve වීමක් මෙමගින් දැක ගත හැක. ( SSD එකක් PC එකට දාපුවම Read Write Transver වල ඇති වෙන වෙනස වගේ උදාහරනයක් )

? World First Wifi 6 Device

Wifi Six ගැන Keynote එකේ කිව්ව විදිහට හතර ගුනයකින් වේගවත් බව සදහන් කරනවා Previous WiFi Version එකට වඩා. Crowd එක වැඩි ස්ථාන වලදි පවා පහසුවෙන් වේගවත්ව Wifi Use කරන්න පහසුකම් ලබා දීලා තියෙනවා. තවමත් මෙතනින් එහාට විස්තර කිරීම සදහා ලැබුන Info මදි. 

? මීට අමතරව Galaxy S10 5G Galaxy Buds හා Watch Active & Fit Release කරා ඒ ගැන වෙනම Post එකකින් අරන් එන්නම්. Samsung ලා Keynote එක අවසන් කරේ එයාලගෙ Future එක ගැන කියවෙන Video එකකින් ඒක් බලලාම තෙරුම් ගන්න දාපු එකක් End එක මාරම Intresting කරා ඒ Video එකෙන්. Heart

[Image: U8LNXUel.jpg]
Bumiya  Heart Heart Heart
  02-26-2019, 01:51 PM
#2
TFS Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  02-26-2019, 02:24 PM
#3
TFS bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>



Users browsing this thread: 1 Guest(s)