Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Hot IT News] Facebook Secret සහ Closed සෑදීමේ හැකියාව Facebook ආයතනය මගින් ඉවත් කිරීමට සැරසෙයි.
  08-16-2019, 08:10 PM (This post was last modified: 08-16-2019, 08:12 PM by Anøn LK.)
#1
Facebook Secret සහ Closed සෑදීමේ හැකියාව 
Facebook ආයතනය මගින් ඉවත් කිරීමට සැරසෙයි.

[Image: fb-groups-privacy-graphic.jpg]

Facebook ආයතනය විසින් පසුගියදා කියා සිටියේ facebook groups ක්‍රියා කරන ආකාරය වෙනස් කිරීමට සැරසෙන බවයි. මෙමගින් facebook groups සෑදීමේ දී ව්ලිකල්පයන් ලෙස තිබූ Secret සහ Closed groups  තවදුරටත් පරිශීලකයන්ට ලබා දීමට නොහැකි වන බවයි. එමෙන්ම පරිශීලකයන්ට තෝරා ගැනීමට public සහ private ලෙස options දෙකක් පමණක් ලබා දීමට කටයුතු බවයි.

මෙම වෙනස ක්‍රියාත්මක කිරීමෙන් පසු, Secret ලෙස තිබූ groups, private ලෙස වෙනස් වන බවත්. එම groups දැකිය හැකි වන්නේ එම groups වල සාමාජිකයන්ට පමණ යි. group adminවරුන් හට මෙම option දෙකෙන් එකක් තෝරා ගත් හැකි අතර, search results වල තම groupය පෙන්විය යුතු ද නැද්ද යන්න තේරිය හැක.

මෙලෙස posts සදහා හා සාමාජිකතවය(group membership) සදහා වන privacy settings, සමස්ත සොයාගැනීමේ හැකියාවෙන් වෙන් කිරීමෙන්, Group Adminsල හට තම groupයේ privacy settings තේරුම් ගැනීමට සහ කළමනාකරණය කිරීමට පහසු වන අතර සාමාජිකයින්ට කණ්ඩායම සොයාගත හැක්කේ කාටද වැනි වැදගත් තොරතුරු දැන ගැනීමට පහසු වන බවයි, facebook groups සදහා නිෂ්පාදන කළමනාකරු වන Jordan Davis පවසා සිටින්නේ.

Facebook ඉංජිනේරු අංශයේ vice president වන Tom Alison පවසා සිටියේ ආයතනය මගින් "Group Quality" ලෙස නව මෙවලමක් ගොඩනගා ඇති අතර, එමගින් platform's community standards උල්ලංගනය කරන (contents)අන්තර්ගතයන් scan කිරීමට හැකි බවයි. මෙලෙස කිසියම් අන්තර්ගතයක් තම පද්ධතිය මගින් හෝ පුද්ගලයින් විසින් වාර්තා කරනු ලැබූ විට, පුහුණු reviewersල මගින් Community Standards උල්ලංගනය කර ඇත්තේ ද යන්න තීරණය කරන බවත් මේවා උදාහරණය ලෙස ගෙන අපගේ තාක්ෂණය පුහුණු කිරීම මගින් ඉතා හොදින් සමාන අන්තර්ගතයන් සොයා ගැනීම සහ ඉවත් කිරීමට සලසන බව වැඩි දුරටත් Alison පවසා සිටියා.

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected].com
General Queries: [email protected] 
  08-17-2019, 07:58 AM (This post was last modified: 08-17-2019, 07:58 AM by Induwara Uthsara.)
#2
Tfs bro..  Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
  08-18-2019, 03:47 PM
#3
Tfs Ayye
-×- WELCOME TO THE HELL -×- Luzifer®                          



Users browsing this thread: 1 Guest(s)